මෙම තරුණයා ඔබත් දුටුවාද..? පොලීසියෙන් විශේෂ ඉල්ලීමක්..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Sithumi Dec 02, 2022 04:52 PM GMT
Report

අතුරුදන්වී සිටින තරුණයෙකු සොයාගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටිනවා. 

    නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය මාවනැල්ල පොලීසිය දැනුම්දෙන්නේ විදූෂික නවාංජන බණ්ඩාර නමැති 20 හැවිරිදි මෙම තරුණයා අතුරුදන්වී ඇති බවට ඔහුගේ මව විසින් ඉකුත් 19 වනදා පැමිණිල්ලක් සිදුකළ බවයි. 

 මව, පියා සහ සහෝදරිය සමග හිඟුල, මානික්කාව වත්ත ප්‍රදේශයේ ජීවත්වී ඇති එම තරුණයා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු 2022 ජුනි මසදී පැවැදිවීම සඳහා පුත්තලම ආණමඩුව ප්‍රදේශයේ විහාරස්ථානයක් වෙත ගොස් තිබෙනවා. 

 පසුව ඔක්තෝබර් මසදී දෙමාව්පියන් බැලීම සඳහා නිවසට පැමිණ නැවත විහාරස්ථානය වෙත යෑම සඳහා නිවසින් පිටත්ව ගොස් ඇය්හි අතර එසේ යන අතරතුර අවසන්වරට පැමිණිලිකාරියගේ සහෝදරියගේ දුරකථනයට ඇමතුමක් ගෙන කෑගල්ලේ සිටින බවට ප්‍රකාශ කර තිබේ.

නමුත් අදාළ තරුණයා නැවත විහාරස්ථානයට නොපැමිණි බව විහාරාධිපති හිමියන් විසින් දෙමව්පියන් වෙත දැනුම්දී තිබෙනවා අවසන් වරට කොළ පැහැති අත්දිග කමිසයක් සහ නිල් පැහැති ඩෙනිම් කොට කලිසමකින් සැරසී කළු පැහැති හිස්වැසුමක් පැළැඳ සිටි අතුරුදන්වී සිටින තරුණයා සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් මාවනැල්ල පොලිස් ස්ථානාධිපති 0718 59 14 18 හෝ මාවනැල්ල පොලිස්ථානයේ 035 22 47 222 යන අංකය අමතා දැනුම්දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.   

Gallery