අතුරුදන්වූ දරුවන් හමුවෙයි

By Sewvandhi Jun 10, 2023 09:31 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

කොලොම්බියාවේ දි මගීන් තිදෙනෙකුට මරු කැඳවමින් මාරාන්තික ගුවන් අනතුරක් සිදු වුණේ පසුගිය මැයි පළමු වනදාය.

එම අනතුරින් පසුව එහි ගමන් ගත් වයස අවුරුද්දක ළදරුවෙකු ද ඇතුළුව අවුරුදු 13 ට අඩු ළමුන් සිව් දෙනෙකු අතුරුදන් වුණි. වැඩිදුරටත් වාර්තා වුයේ ඔවුන් කොලොම්බියානු ස්වදේශික ප්‍රජාවකට අයත් බවය.

අනතුරින් මිය ගියේ අතුරුදන් වූ දරුවන්ගේ මව සහ ගුවන් නියමුවන් දෙදෙනාය. අනතුරින් පසුව අතුරුදන් දරුවන් සොයා, කොලොම්බියාවේ විශේෂ කාර්ය බලකා නිලධාරීන් 100 කට අධික පිරිසක් සහ ස්වදේශිකයින් පිරිසක් එක්ව මෙහෙයුමක් ආරම්භ කළේය.

අතුරුදන් වූ දරුවන් නිරුපද්‍රිතව සිටින බවට මුදා ගැනීමේ නිලධාරීන් පුරෝකතනය කළේ ඔවුන්ගේ පා සලකුණු සොයා ගැනීමත් සමගය. මේ වනවිට අතුරුදන් වූ දරුවන් සොයා ගැනීමට ඔවුන් සමත් වූ බව කොලොම්බියානු ජනපතිවරයා පවසා තිබේ.

ඒ අනතුර සිදු වී දින 40 කට පසුව ය. සොයා ගත් දරුවන් ගුවන් මගින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා හමුදා රෝහල වෙත රැගෙන යාමට බලධාරීන් කටයුතු කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොලොම්බියානු ජනපතිවරයා මෙසේ පවසා තිබේ

, "හමුදා නිලධාරීන් සහ ස්වදේශිකයින් එක් ව දියත් කළ මෙහෙයුමකින් දින 40කට පස්සේ අතුරුදන් වූ දරුවන් සොයාගන්න පුළුවන් වුණා. දරුවන් නිරුපද්‍රිතව සිටීම ඉතිහාසයට එක් වන සිදුවීමක්. ඔවුන් බේරී සිටීමට හේතු වුණේ ඔවුන්ට හිමි වූ ස්වදේශික ඉගැන්වීම්"