අතුරුදන් වූ 13 හැවිරිදි දරුවා ගැන අමුතුම හෙළිදරව්වක්!!CCTV දර්ශන සහිතයි!!(VIDEO)

Police Kiribathgoda Missing boy
By Aruna Feb 23, 2022 06:17 AM GMT
Report

පසුගිය 17 වනදා වත්තල හුණුපිටිය වැලිකන්ද පාර ප්‍රදේශයේ පිහිටි නිවසක සිටි වයස අවුරුදු 13ක දරුවෙකු හදිසියේම අතුරුදන්ව තිබුණා.

පසිදු ලක්ෂාන් විජේසිංහ නම් 13 හැවිරිදි මෙම දරුවා පසුගිය 17 වන දින සවස 2.00ට නිවසින් පිටව ගියද යළි මේවන තෙක් තම දරුවාට සිදුවූයේ කුමක්ද යන්න පිළිබදව කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි දෙමාපියන් පවසන්නේ.

කෙසේවෙතත් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා ගගන ප්‍රවෘත්ති කණ්ඩායමේ අපි එම දරුවා ජීවත් වූ වත්තල ප්‍රදේශයේ පිහිටි නිවසට ගියා.

එහිදී අතුරුදන්වී ඇති පසිදු ලක්ෂාන් සම්බන්ධයෙන් සිය දෙමාපියන් දැක්වූයේ මෙවන් අදහසක්.

මෙම දරුවා නිවසින් පිටව යන ආකාරය දැක්වෙන සීසීටීවී දර්ශන ද අප වෙත ලැබී තිබෙනවා.

ඒ අනුව තම බෑගය ද රැගෙන කොටකලිසමක් සහ ලා කොළපැහැති ටීෂටයක් පැලද නිවසින් පිටව යන ආකාරයයි එම වීඩියෝවේ සටහන්ව ඇත්තේ.

මෙහිදී එම දරුවාගේ සීයා අප සමග කියා සිටියේ, මේ දිනවල අනුරාධපුර ප්‍රදේශයේ මල් විකුණන ස්තානයන්ට දරුවන් අලෙවිකරණ ජාවාරමක් ගැන තොරතුරක් ලැබී ඇති බැවින් අද දිනයේදී මේ ගැන සොයාබලන්නට අනුරාධපුර ප්‍රදේශයට යන බවයි.

කෙසේවෙතත් මේසම්බන්ධව කිරිබත්ගොඩ පොලිස් ස්ථානයට දැනුම්දී ඇති බවත් තවමත් දරුවා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි පොලිසිය පවසන්නේ.

මේ පිළිබඳව තොරතුරක් දන්නා අයෙක් සිටීනම් හැකි ඉක්මනින් ලඟම ඇති පොලීසියට දැනුම් දෙන්නට කාරුණික වන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now