අතුරුදන් වූ වයස අවුරුදු 10 සහ 12 ළමයින් සොයා ගන්න සහය දෙන්න..පොලිසියෙන් දැනුම්දීමක්.
අතුරුදන් වූ කොටදෙණියාව - වත්තේමුල්ල - බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි පාසල් ළමයින් දෙදෙනා සොයා ගැනීම සඳහා පොලිසිය යළිත් මහජන සහාය පතනවා.
පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, දැනට එම ළමයින් දෙදෙනා අතුරුදන් වී දින 38 ක් ගත වී ඇතත්, ඔවුන් සම්බන්ධයෙන් තවමත් කිසිදු තොරතුරක් වාර්තා වී නො මැති බවයි.
පසුගිය නොවැම්බර් මස 23 වැනි දා සිට මෙම ළමයින් දෙදෙනා අතුරුදන් ව ඇති අතර, ඥාති සොහොයුරන් වන ඔවුන් අවුරුදු 10 සහ 12 වයස්වල පසුවන්නන් වේ
. මීට පෙර ද පොලිස් මූලස්ථානය විසින් දරුවන්ගේ ඡායාරූප සහ තොරතුරු මාධ්‍ය වෙත ලබා දී තිබුණේ, ඔවුන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා නො වීම හේතුවෙන්.
දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඊට අදාළව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ, ළමයින් සම්බන්ධයෙන් තොරතුරක් ඇතොත් 0718 592 867 හෝ 0718 592 868 යන දුරකථන අංක වෙත දැනුම් දීමේ හැකියාව පවතින බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |