උඩුකය නිරුවත් කරන්න කීවා කියලා රූ රැජිණියන් පිරිසක් පොලීසියට ගිහින්.. (PHOTOS)

Indonesia
By krishani Aug 09, 2023 04:43 PM GMT
Report

ඉන්දුනීසියාවේ, විශ්ව රූ රැජින කිරුළ සඳහා තරග වදින තරගකාරිනියන් කිහිප දෙනෙකු චෝදනාවක් පොලිසිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඒ තමන් ලිංගික අපයෝජනයට ලක් වූවා යැයි පවසමින් ය. 

අවසන් මහා තරගයට දින දෙකකට පෙර එනම් අගෝස්තු 3 වන දා සංවිධායකවරුන් ශරීර පරික්ෂා කිරීම සහ ඡායාරූප ලබා ගැනීම සඳහා ඔවුන්ගේ උඩුකය නිරුවත් කරන ලෙස ඉල්ලා සිටි බව ඔවුන්ගේ නීතීඥවරුන් සඳහන් කළේ ය.

ඉන්දුනීසියාවේ රූ රැජින තරග සඳහා අවසර ඇති නමුත් ඔවුන්ගේ සංස්කෘතියට හානියක් නොවන ලෙස එම තරග පැවැත්වීමට සංවිධායකවරුන් කටයුතු කළ යුතු ය.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් ජකර්තා අගනුවර පොලීසිය විසින්  වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

GalleryGalleryGallery