මිරිහාන විරෝධතාකරුවන් ගැන අධිකරණය දුන් නවතම තීන්දුව..!
Sri Lanka
protest
President
Gotabhaya
Mirihana
By Sewvandhi
(31) රාත්‍රියේ නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ විරෝධතාවයේ නිරත වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 21 දෙනෙකු ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරිය.
100,000/- බැගින්. තවත් හය දෙනෙකු 2022 අප්‍රේල් 4 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, ඔවුන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පොලිසිය විසින් තනි පුද්ගල වැරදි B වාර්තාවට ඇතුළත් කර නොමැති බැවින් විරෝධතාකරුවන් නිදහස් කළ බවයි.
අත්අඩංගුවට ගත් ඉතිරි විරෝධතාකරුවන් 26 දෙනා (තිදෙනෙකු කොළඹ ජාතික රෝහලේ සහ විසිතුන් දෙනෙකු කළුබෝවිල රෝහලේ) මාලිගාකන්ද සහ ගල්කිස්ස මහේස්ත්‍රාත් වෙත යොමු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |