මිරිහානේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පැවැත්වෙන මාධ්‍යය සාකච්ඡාව - පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් එළියට - (VIDEO)
Sri Lanka
protest
politics
Ajith Rohana
Mirihana
Gotabhaya Rajapaksha
By Sewvandhi
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඊයේ (31) මිරිහාන ප්‍රදේශයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම පොලිස් කණ්ඩායම් තුනකට භාරදී ඇති බවයි.
ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාශය, අපරාධ විමර්ශන කොට්ඨාශය සහ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය මගින් විමර්ශන සිදුකරන බවයි ඔහු සඳහන් කළේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ මාධ්‍යවේදීන්ට පහරදීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පළවන වාර්තා සම්බන්ධයෙන් අතිරේක විමර්ශනයක් සිදුකරන බවයි.
(වීඩියෝ අයිතිය - News1st)