Tik Tok සාදයට ගිය බාලවයස්කාර දැරියන්ට සිදු වූ දේ..
ටික් ටොක් සාදයකට යමින් සිටි බාලවයස්කාර දැරියන් දෙදෙනෙකු ඇතුළු හය දෙනෙකු පිටබැද්දර ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ දෙනියාය, වැලිගම සහ මිරිස්ස ප්‍රදේශවල පදිංචි අවුරුදු 14,17,සහ 20 වයස්වල පසුවන්නන් බව පොලීසිය පවසයි.
පසුගියදා රථවාහන පරික්ෂා කිරීමේ යෙදී සිටි පොලිස් නිළධාරීන් විසින් මෙම පිරිස ගමන් ගත් ත්‍රිරෝද රථය පරීක්ෂාවකට ලක්කර තිබේ.
එහිදී රථය තුළ සිටි බාලයවස්කාරියන් පිළිබඳව සැකසිතුනු පොලිස් නිලධාරීන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ මෙම පිරිස වැලිගම ප්‍රදේශයේ පැවත්වීමට නියමිත ටික් ටොක් සාදයකට සහභාගී වීමට යමින් සිටින බවය.
ඒ අනුව අදාළ බාලවයස්කාර දැරියන්ගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ උපකාරක පන්තියකට සහභාගී වීමට යන බව පවසා නිවසින් පැමිණ ඇති බවය.
එම දැරියන් මිත්තණිය භාරයේ පසුවන අතර ඔවුන්ට අධ්‍යාපන කටයුතු සඳහා ලබාදී තිබූ ස්මාර්ට් ජංගම දුරකථනය හරහා ඇතිකරගත් සම්බන්ධතාවයකට අනුව මෙලෙස ටික් ටොක් සාදයක් සඳහා ගමන්කරමින් සිට ඇති බව හෙළිවී තිබේ.
බාලවයස්කාර දැරියන් දෙදෙනා සහ සෙසු සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා දෙනියාය පොලිසිය වෙත භාරදීමෙන් අනතුරුව අදාළ දැරියන් වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර තිබේ. සෙසු සැකකරුවන් මොරවක මහෙස්ත්‍රාත් අධිකරණයට යොමු කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |