ශ්‍රී ලාංකිකයෙකුට පළමු වරට ඕස්ට්‍රේලියාවේ දී ලැබුණු දේ ..
By Sewvandhi
ලාංකීය සම්භවයක් ඇති මිනෝලි පෙරේරා මහත්මියට ඔස්ට්‍රෙලියානු රජය විසින් සිම්බාබ්වේ හි මීළඟ ඔස්ට්‍රෙලියානු තානාපතිනිය ලෙස පත්කර තිබේ.
මෙම නව පත් කිරීමත් සමග ඇය ශ්‍රී ලංකාවේ උපත ලබා ඔස්ට්‍රෙලියානු රජයෙන් පත්වීමක් ලද ප්‍රථම ඔස්ට්‍රෙලියානු තානාපතිනිය ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මෙම පත් කිරීම සිදු වූයේ පසුගියදා කැන්බරාහි පැවති මාධ්‍ය හමුවකදි ඔස්ට්‍රෙලියානු අගමැති Anthony Albanese විසින්. ඔස්ට්‍රේලියාව - සිම්බාබ්වේ සමඟ ඇති සබඳතාව වැඩිදියුණු කිරීමට මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |