මුදල් අමාත්‍යාංශයෙන් නව චක්‍රලේඛයක්..

Sri Lanka Ministry of Finance Sri Lanka Financial crisis
By krishani Dec 31, 2022 06:32 AM GMT
Report

රජයේ ආයතන විසින් විවිධ උත්සව සඳහා කරන වියදම් අත්හිටුවීමට අදාළ චක්‍රලේඛය ලබන වසර සඳහා ද වලංගු වන ලෙස මුදල් අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

2023 වර්ෂය තුළ වියදම් දැරිම සඳහා බලය දීම සහ රාජ්‍ය වියදම් කළමනාකරණය යනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් මෙම නව චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ.

ලබන වසරට රාජ්‍ය ආයතන, වාර්ෂික අයවැය ඇස්තමේන්තු මගින් වෙන්කර දී ඇති ප්‍රතිපාදන සීමාවන් නොඉක්මවන පරිදි වියදම් කළමනාකරණය කර ගැනීම, නිලධාරින්ගේ වගකීම බව තරයේ අවධාරණය කර ඇත.

2023 වර්ෂයේ දී රජයේ වියදම් දැරීම විචක්ෂණශීලීව සිදුකළ යුතු බවත් රජයේ ආයතන විසින් විවිධ උත්සව සඳහා කරන වියදම් අත්හිටුවිම යනුවෙන් නිකුත් කර ඇති චක්‍රලේඛ විධිවිධාන තවදුරටත් දැඩිව පිළිපැදිය යුතු බව නව චක්‍රලේඛය මගින් පෙන්වා දී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join