ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

By Sewvandhi Nov 10, 2022 01:54 AM GMT
Report

ආරක්ෂක අමාත්‍යාංශය මගින් ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට විශේෂ පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.එනම් නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර විදේශගතව සිටින සාමාජිකයින් වෙනුවෙන් මෙම පොදු සමා සමාකාලය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව නැවත ඒකකය වෙත රපෝර්තු කිරීමකින් තොරව පොදු සමා කාලය තුළ දී නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා හැකියාව පවතින බව ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ලබන 15 වන දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා ප්‍රකාශයට පත්කර ඇති එම පොදු සමා කාලය තුළ දී මේ වසරේ ඔක්තෝබර් 25 වන දින හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා පමණක් වලංගු වේ.

ඔවුන් වෙතින් අය විය යුතු යම් මුදලක් වේ නම් එය නීත්‍යානුකූලව ඉවත්වීමට පෙර ගෙවිය යුතු අතර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකිරීම හැර වෙනත් කිසිදු විනය විරෝධී ක්‍රියාවක් සම්බන්ධ නොනිමි විනය කටයුතු නොපැවතිය යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙයි.

එමෙන්ම නීතිවිරෝධී ක්‍රම මගින් විදේශ ගත වු හෝ විදේශගත වීමේ දී වංචනික ලෙස විදේශ ගමන් බලපත්‍ර සහ අනෙකුත් ලේඛන සකස් කර විදේශගත වී නොමැති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර ගැනීම ද අවශ්‍ය වේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now