මැති ඇමතිවරුන්ට තීරණාත්මක සති දෙකක්
Parliament of Sri Lanka
Sri Lanka
Ceylon Electricity Board
By Sewvandhi
මැති ඇමතිවරුන් පැහැර හැර ඇති විදුලිබිල් ගෙවීම සඳහා සති දෙකක කාලයක් ලබාදී ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ප්‍රකාශ කළා.
ඒ, විදුලිබිල ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි අද පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලබාදෙමින්.
විදුලිබිල ගෙවීම පැහැර හැර තිබෙන වත්මන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇමතිවරුන්ගේ බිල්පත්වලින් සියයට 60 කට වැඩි මුදලක් අයකරගෙන ඇති බවද එහිදී රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ වැඩිදුරටත් ප්‍රකාශ කළා.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කෙරෙන ප්‍රශ්න සඳහා අද පාර්ලිමේන්තුව රැස්වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |