රාජ්‍ය ඇමතිගේ ලේකම් ට සුපිරි වෙළෙඳසැළකදී ප්‍රහාරයක්
රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුද්ගලික සහකාර ලේකම්වරයෙකුට ප්‍රහාරයක් එල්ලවී තිබේ. ඉකුත් 25 වනදා රාත්‍රියේ එම ප්‍රහාරය එල්ලවී ඇත්තේ සුපිරි වෙළෙඳසැළක් තුළදීය.
එලෙස පහරකෑමට ලක්ව ඇත්තේ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ පුද්ගලික සහකාර ලේකම්වරයෙකු ලෙස සේවය කරන පුද්ගලයෙකි.
සිද්ධිය වාර්තා වන අන්දමට මෙසේය, ඉකුත් 25 වනදා රාත්‍රියේ අලුත්ගම, දර්ගා නගරයේ සුපිරි වෙළෙඳසැළකට මුඛ ආවරණ නොමැතිව පුද්ගලයින් දෙදෙනෙක් ඇතුළුවී තිබේ.
සුපිරි වෙළෙඳසැළේ සේවිකාවන් ඔවුන්ට මුඛ ආවරණ පළඳින ලෙසට උපදෙස් දී ඇති අතර එහිදී එම පුද්ගලයින් දෙදෙනා සේවිකාවන්ට බැනවදිමින් හැසිරී ඇත.
ඒ අවස්ථාවේ අදාළ ලේකම්වරයාද එම ස්ථානයේ සිට ඇති අතර ඔහු සේවිකාවන් වෙනුවෙන් පෙනී සිට තිබේ. එහිදී උරණ වූ එම පුද්ගලයින් දෙදෙනා අදාළ නිලධාරියා දෙසට පැමිණ පහරදීමක් සිදුකර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිල්ලක් මත සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය පවසයි.
සැකකරුවන් අලුත්ගම, සීනවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් බවද පොලීසිය පැවසීය. පොලීසිය සඳහන් කළේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි පියවර ගන්නා බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |