රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ගමන් ගත් රථය අනතුරකට ලක් වෙයි - කෝප වූ පිරිස්ගෙන් ප්‍රහාරයක්?..

Sri Lanka Police Sri Lanka Politician Sri Lanka Police Investigation Accident Latest Headlines
By krishani Dec 29, 2023 10:04 AM GMT
Report

අද (29) රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් ගත් ජීප් රථය මාරවිල ප්‍රසිද්ධ හෝටලයක් ආසන්නයේ දී අනතුරට ලක්ව ඇත.

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ගමන් ගත් රථය අනතුරකට ලක් වෙයි - කෝප වූ පිරිස්ගෙන් ප්‍රහාරයක්?.. | Minister Sanath Nishantha Gets Into A Car Accident

ඒ එම ජීප් රථය වෙනත් මෝටර් රථයක ගැටීමෙන් ය.

අනතුරින් පසු අනෙක් වාහනයේ ගමන් ගත් පිරිස ඇමැතිවරයාගේ වාහනයට සහ රියදුරුට පහර දී අලාභහානි කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ රියදුරා විසින් පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති අතර, මේ වනවිට මාරවිල රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවට ද සඳහන් වේ.

මේ අතර එවැන්නක් සිදු නොකළ බව අනෙක් පාර්ශවය සඳහන් කර සිටිනවා.

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ගමන් ගත් රථය අනතුරකට ලක් වෙයි - කෝප වූ පිරිස්ගෙන් ප්‍රහාරයක්?.. | Minister Sanath Nishantha Gets Into A Car Accident

අනතුර සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ රියදුරා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මෙම අනතුරින් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැත.

අනතුරෙන් පසු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙනත් රථයකින් එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.