කොවිඩ් මැද උපන් දිනය සැමරූ අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි
Covid19
Birthday party
Hon kong
kasper Tisui
By Sewvandhi
හොංකොං රාජ්‍යයේ ස්වදේශ කටයුතු අමාත්‍ය කැස්පර් ට්සුයි, ඉල්ලා අස්වී තිබෙනවා. ඒ, කොවිඩ් මර්දන රෙගුලාසී උල්ලංඝණය කරමින් උපන් දින සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් වරද පිළිගනිමින්.
ජනරාශිය වළක්වමින් හොංකොං රජය රෙගුලාසී පනවා ඇති පසුබිමක, ඔහු රාජ්‍ය නිලධාරීන්, නීති සම්පාදකයින් ඇතුලු විශාල පිරිසක් සමඟ සිය උපන් දිනය සමරා තිබුණා.
වසංගතයට එරෙහි සටනේ පෙරමුණේ සිටින නිලධාරියෙකු ලෙස ජනතාවට නිවැරදි ආදර්ශයක් ලබාදීමට තමාට නොහැකි වීම ගැන කණගාටු වන බවයි ඉල්ලා අස්වීම භාරදෙමින් ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |