මිල්කෝ සමාගමේ සභාපති විශේෂ තීරණයක් ගනී - මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ඒ බව වහාම දන්වයි..

Ministry of Finance Sri Lanka Businessman Latest Headlines Decision Making
By krishani Dec 18, 2023 05:40 AM GMT
Report

අද (18) දින මිල්කෝ සමාගමේ වත්මන් සභාපති රේණුක පෙරේරා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

මිල්කෝ සමාගමේ සභාපති විශේෂ තීරණයක් ගනී - මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ඒ බව වහාම දන්වයි.. | Milko Chairman Renuka Resigns

ඒ බව ඔහු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත.

2022 වසරේ ජනවාරි 21 වන දින සිට රේණුක පෙරේරා මහතා මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ය.

වැඩිදුරටත් එම ලිපිය මගින් සභාපතිවරයා දන්වා ඇත්තේ, රජයේ ප්‍රතිපත්ති තීරණයකට අනුව මිල්කෝ ආයතනය පෞද්ගලීකරණය කිරීම සඳහා දේශීය හා ඉන්දියානු සමාගමක් ඒකාබද්ධව කටයුතු ආරම්භ කර ඇති පසුබිමක ආයතනය ඉදිරි ප්‍රගමනය සඳහා මෙහෙයවීමට තමා කාලය වැය කිරීම ඵලදායි නොවන බවයි.

මිල්කෝ සමාගමේ සභාපති විශේෂ තීරණයක් ගනී - මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ඒ බව වහාම දන්වයි.. | Milko Chairman Renuka Resigns

ඒ හේතුවෙන් සේවා කාලය තවත් මාසයක කාලයක් ඉතිරිව තිබිය දීත් ඉල්ලා අස්වීමට තීරණය කළ බව රේණුක පෙරේරා මහතා සඳහන් කර තිබෙනවා.