වහාම ක්‍රියාත්මක පරිදි කිරි තේ මිල පහළට

Milk Powder Price in Sri Lanka Milk Businessman
By Sewvandhi Mar 25, 2024 09:30 AM GMT
Report

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩු කිරීමටද පියවර ගෙන තිබේ.

ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටිවල මිල ගණන් පහළ දැමීමට රජය කටයුතු කිරීම හේතුවෙන් එම තීරණය ගෙන ඇත.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 150කින්ද, ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 60කින්ද පහළ දැමීමට තීරණය කෙරුණි.