කිරිපිටි බද්ධ සංශෝධය කරයි..යළි මිල ගණන් ඉහල යයි?..
ආනයනික කිරිපිටි සඳහා රේගූ ආනයනික බද්ද සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල් 100ක බද්දක් අය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඊයේ (12) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බදු සංශෝධනය සිදුකර ඇත.
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක් සඳහා සියයට 20ක හෝ රුපියල් 225ක රේගු ආනයනික බද්දක් පනවා තිබු අතර පසුගිය කාලයේ එය ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.
කෙසේවෙතත් මුදල් අමාත්‍යාංශය විසින් ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 100ක බද්දක් පනවා ඇති බවයි වාර්තා වන්නේ.
මුදල් අමාත්‍යාංශය පවසන්නේ, නැවත දැනුම්දෙන තුරු මෙම බදු සංශෝධනය ක්‍රියාත්මක බවයි.
කෙසේවෙතත් බදු ඉහළ දැමීමක් සිදුවුවද කිරිපිටි මිලෙහි වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බව ද කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළා.