කිරිපිටි මිල යළිත් ඉහලට..? ගැනීමට නියමිත අලුත්ම තීරණය..

business Economic sri Lanka Milk Powder
By Sewvandhi Mar 19, 2022 03:34 AM GMT
Report

ආනයනික කිරිපිටි මිල නැවතත් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබෙන බව වාර්තා වනවා. ලෝක වෙළෙඳපොලේ කිරිපිටි මිල ඉහළයාම හා ඩොලරයේ අගය ඉහළයාම හේතුවෙන් කිරිපිටි මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 600කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 260කින් ඉහළ දෑමීමට යෝජනා වී ඇති බව සඳහන්.

එම මිල ගණන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම්දී ඇති බවට ද වාර්තා වුණා. කෙසේවෙතත් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (19) පස්වරුව වන විට ප්‍රකාශය කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළා.

මේ අතර මෙරට ඉල්ලුමට අවශ්‍ය කිරිපිටි ආනයනය කිරීමට මේ වන විටත් හැකියාවක් නොමැති බව ද ආනයනකරුවන් පවසනවා. ණයවර ලිපි විවෘත කිරිමේ දුෂ්කරතා හේතුවෙන් ඉල්ලුමට අවශ්‍ය කිරිපිටි ආනයනය කිරිමට හැකියාවත් නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now