මිලින්දගේ ධුර කාලය අවසන් වෙයි..!

Sri Lanka Milinda Moragoda
By Sewvandhi Aug 11, 2023 08:51 AM GMT
Report

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයේ කටයුතු කළ මිලින්ද මොරගොඩ මහතාගේ නිල කාලය අවසන් වී ඇත.

එනම් ව්සර් දෙකකට කැබිනට් බලතල සහිතව පත් කරන ලද මිලින්ද මොරගොඩ මහතා ලබන ඔක්තෝම්බර් 01 දින නැවත පැමිණෙනු ඇති බව අනාවරණය වේ.

2021 වසරේ අගෝස්තු මාසයේ දී ධුරය භාරගත් මිලින්ද මොරගොඩ මහතා, ඉන්දියාවේ පිහිටවූ දූත මණ්ඩල සඳහා ඒකාබද්ධ රාශ්ට්‍ර ක්‍රමෝපාය 2021-23 සැලැස්ම ද ප්‍රකාශයට පත් කළේය.

විවිධ ක්ෂේත්‍ර අලලා ද්වීපාර්ශවික සැලැස්මක් එයින් අනාවරණය කර තිබිණි.

ශ්‍රී ලංකාව ඉතාම දුෂ්කර කාල වකවානුවක පසුවන අතරතුර ඉන්දීය සහාය සහිතව කුලුනු සතරකින් යුතු ආධාර වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන්නට සමත් වූ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංචාරය සමඟ ආර්ථීක හා ආයෝජන ක්‍රමෝපාය අලලා ද්වීපාර්ශවික සම්බන්ධතා ඇති කරන පුලුල් වැඩසටහනකට ද මිලින්ද මොරගොඩ මහතා පසුබිම සකස් කරන ලදී.