මිල්කො සභාපති ඉවතට...පැය 02ක් සභාපති වූ අයෙක් පත් කරයි..

Sri Lanka Political Milco chairman D. B herath Renuka perera
By Aruna Jan 18, 2022 10:53 PM GMT
Report

මිල්කො ආයතනයේ සභාපති ධූරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා පත්කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

මේ වන විටත් අදාළ ලිපිය නිකුත් කර ඇති අතර රේණුක පෙරේරා අදාළ සභාපති ධූරය භාරගැනීම සඳහා මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වුව ද පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා රේණුක පෙරේරා මහතා මිල්කො සභාපති ධූරයට පත්කර ගැනීමට දැඩි උත්සාහක නිරත වන බවටයි වාර්තා වන්නේ.

රේණුක පෙරේරා මහතා මෑතකදී පැය කිහිපයකට ලිට්‍රො සමාගමේ සභාපති ධූරය සඳහා පත් වූ අතර පසුව එය අවලංග විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now