ඇමරිකානු ජනපති සටනින් ප්‍රබලයෙක් ඉවතට...!

United States of America
By Sewvandhi Apr 15, 2023 12:26 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

ඇමෙරිකානු ජනාධිපතිවරණ සටනින් හිටපු ඇමෙරිකානු රාජ්‍ය ලේකම් සහ සී.අයි.ඒ. ප්‍රධානියා ලෙස කටයුතු කළ මයික් පොම්පියෝ ලබන වසරේ පැවැත්වෙන ඉවත්ව තිබෙනවා. 

ඔහු ට්විටර් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට මෙය අවස්ථාව නොවන බවයි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කරන බවට දැනටමත් වාර්තා පළ වී ඇති අතර, පොම්පියෝ ට්‍රම්ප් ජනාධිපති ධුරයේ කටයුතු කළ 2018 වසරේ සිට 2021 වසර දක්වා ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළා.

කෙසේ වෙතත්, පසුගිය දිනවල මයික් පොම්පියෝ ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති විවේචනයට ලක් කරමින් අදහස් පළ කළ අතර, ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳ සලකා බලමින් සිටින බවට ද ප්‍රකාශ කර තිබුණා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now