මිහින්තලේ පුදබිමෙන් ආරක්ෂක අංශ හදිසියේම ඉවත් කෙරේ..! මිහින්තලා හිමිට ජීවිත තර්ජන..

Sri Lanka Army Sri Lanka Police Ministry of Defense Sri Lanka
By Sewvandhi Dec 10, 2023 07:50 AM GMT
Report

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ, මිහින්තලය පුදබිමට ලබාදී තිබූ ආරක්ෂක අංශ සාමාජිකයින් 252ක් අද (10) ඉවත්කරගන්නා බවයි.

"මිහින්තලය පුදබිමේ මේ වනවිට නාවික හමුදාවේ නිලධාරියෙක් ඇතුළුව 103දෙනෙකු ඉන්නවා. හමුදාවේ 48 දෙනෙක් ඉන්නවා සිවිල් ආරක්ෂක බළකායේ 100ක් ඉන්නවා. සියල්ල 252ක් මිහින්තලා පුදබිමේ නොයෙකුත් වැඩකයුතු කරනවා. මෙවැනි තත්ත්වයක් තුළ දෙදෙනෙකු සම්බන්ධයෙන් පෙරේදා ප්‍රකාශක් කළා. මෙම දෙදෙනා ඔක්තොම්බර් 07 වනදායින් පස්සේ රට තුළ ආවේක්ෂණ කටයුතු සඳහා විශේෂයෙන් ආගමික ස්ථාන සංචාරකයන්ගේ ආරක්ෂාව සහ අවේක්ෂණ කටයුතු සඳහා නිලධාරීන් යොදවලා තියෙනවා."

"සිවිල් ඇඳුමෙන් පන්සලකට හමුදා නිලධාරීයෙක්ට යන්න බැහැ කියලා අපි දැනගත්තේ පෙරේදා තමයි. දැන් අපි තීන්දුවක් ගත්තා උන්වහන්සේගේ ජීවිතයට තර්ජනයක් තියෙනවා කියලා උන්වහන්සේ කියනවානම් හමුදාව පන්සල තුළ තිබීම නිසා අපි මේ 252ම අද දවසේ ඉවත් කරගන්න කටයුතු කරනවා."

කෙසේ වෙතත් එම අවස්ථාවේ විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ මිහින්තලේ නාහිමියන් වැඩම කරවා උන්වහන්සේ සමඟ සාකච්ඡා කර මේ තීරණය ගන්නා ලෙසටය.