Microsoft Bing භාවිතාව ගැන ඔබ දැන ගතයුතු දෙයක්..

Microsoft Informatics Institute of Technology Sri Lanka Sri Lanka Social Media China
By Aruna May 23, 2023 03:17 AM GMT
Report

StatCounter පවසන්නේ Microsoft වල සෙවුම් යන්තරය වන Bing (desktop search engine) එක චීන භාවිතාව තුල ඔවුන්ගේ Baidu පසුකර පෙර එන්නට සමත්ව ඇති බවයි.

ඔවුන් පැහැදිලි කරන්නේ Bing වල මෙම පොලා පැනීම ඓතිහාසික සටහනක් තබමින් April 2023 වලදී 37.4% ලෙසට සටහන් වෙමින් ඇති බවයි.

මෑත කාලීනව සැලකීමේදී Bing වෙතට සංයුත්තවූ AI හැකියාව කැපී පෙනෙන අවධානයක් ලොවපුරා භාවිතකරන්නන්ගේන් ගෙනෙන්නට සමත්වූ අතර ඊට අමතරව මෑත කාලයේදී Bing සෙවුම් හැකියාව අනෙකුත් Microsoft products සමග සංයුත්තකරවන්නට එම ආයතනය කටයුතු කල අතර බහුල භාවිතාවන් වන Windows, Office, Xbox වැනි අංග සංයුත්තව පැමින තිබීමද Bing වල මෙම වාර්ථාගත වීමට තවත් සාධකයක් වන්නට ඇති බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ.

Microsoft පසුගියදා නිවේදනය කර සිටියේ තම Bing සෙවුම් යන්ත්‍රය GPT-4 (Generative Pre-trained Transformer 4) මට්ටමින් ක්‍රියාත්මක බවයි.

හදාරන්නන්ට අනූව artificial intelligence වල මෙම ප්‍රබෝධය භාවිතාකරන්නන් හට වඩාත් අන්තර්ක්‍රියාගත භාවිතාවක් ගෙනෙන්නට සමත්ව ඇති අතර එලබෙන දශකය තුලදී සෙවුම් යන්ත්‍ර භාවිත ආකාරය සම්පූර්ණයෙන් වෙනස් වන්නට නියමිත බවකි.

Pubudu Siriwansa


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now