Microsoft Bing Chat වල character සීමාව 4000 දක්වා ඉහලට..අලුත් App එහෙකුත් කරළියට එයි..

Microsoft Twitter Sri Lanka Institute of Information Technology Instagram
By Aruna May 21, 2023 05:58 AM GMT
Report

Microsoft තම chatbot AI ව්‍යාපෘතිය වඩ වඩාත් නවාංග සමග ඉදිරියට ගෙන යමින් සිටී.

Microsoft ආයතනය එම අංගය සම්බඳයෙන් වන නවතම Twitter පණිවිඬයකට අනූව පවසන්නේ message වල character limit එක 2000 වල සිට 4000 දක්වා ඉහලට ගෙනෙන්නට කටයුතු කර ඇති බවකි.

ලොව ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ෂණ ආයතනයන් බොහොමයක් මේ වන විට AI ප්‍රබෝධය සමග කටයුතු කරමින් සිටින අතර පසුගියදා IBM නිවේදනය කර සිටියේ තම ආයතනයේ සේවක ධාරිතාවෙන් සැලකියයුතු ප්‍රථිශතයක් AI කරනයට කටයුතු කරන බවකි.

Bing Chat කන්ඩායමද නිරන්තරයෙන් තම භාවිතාව සංවර්ධනයට කටයුතු කරමින් සිටින අතර මෙම වසර මුලදී Bing Chat වල පලමු සාමාන්‍ය භාවිතාවට සූදානම් සංස්කරණය නිකුත් කරන්නට කටයුතු කරණ ලදී.

එසේම පසුගියදා නිවේදනය කර තිබුනේ, chat history feature එකද, එය Word, text,PDF ආකරවලට save හැකියාවද මේ වන විට සූදානම් බවයි.

මේ අතර, ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් ට්විටර් සමග තරග කිරීම සඳහා නව යෙදවුමක් (App) නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ලබන ජුනි මාසයේදී මෙය හදුන්වාදීමට සැලසුම් කර ඇති බවයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ.

එමෙන්ම සමාගම කීර්තිමත් පුද්ගලයින් සමග රහසිගතව එම යෙදුම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම් කටයුතු ද සිදු කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් තහවුරු කරයි.

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කෙසේ වෙතත් Instagram යෙදුම අවසානයේ Mastodon ජාලය සමග සම්බන්ධ විය හැකි බවටයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now