මීටර් ටැක්සි වල කුලී ගාස්තුවත් වැඩි කරයි..නව මිල මෙන්න.

Sri Lanka Three wheel Meter taxi price change
By Aruna Dec 21, 2021 05:48 AM GMT
Report

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් මගී ප්‍රවාහන ත්‍රිරෝද රථවල පළමු කිලෝමීටරය සඳහා අය කරන ගාස්තුව රුපියල් 30කින් ඉහළ නංවා ඇති බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතිය ප්‍රකාශ කළා.

ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා මෙතෙක් අය කළ රුපියල් 50ක ගාස්තුව රුපියල් 80ක් දක්වා ඉහළ යනු ඇති.

කෙසේ වෙතත්, දෙවන කිලෝමීටරයේ සිට අය කරන රුපියල් 45ක ගාස්තුව ඉහළ නො දමන බව එම සමිතියේ ලේකම් රෝහණ පෙරේරා සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now