ගෝලීය උෂ්ණත්වයේ ඉදිරි බලපෑම් ගැන කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවයි.
2023 හෝ 2024 දී දේශගුණික විපර්යාස සහ එල්නිනෝ කාලගුණ සංසිද්ධියෙහි බලපෑම හේතුවෙන් ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය වාර්තාගත මට්ටමින් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවා තිබෙනවා.
රොයිටර් පුවත් සේවය පවසන පරිදි දේශගුණය සම්බන්ධයෙන් සිදු කර ඇති විශ්ලේශණ මඟින් අනාවරණය වී ඇත්තේ, සාමාන්‍යයෙන් ගෝලීය උෂ්ණත්වය මදක් අඩු කරන පැසිෆික් සාගරයේ ලා නිනා කාලගුණ රටාවෙන් මිදී වසර තුනකට පසු, ලෝකය මේ වසර අගදී උණුසුම් මෙන්ම නියං තත්ත්වය නිර්මාණය කරවන එල් නිනෝ වෙත නැවත පැමිණීම අත්විඳිය හැකි බවයි.
එල් නිනෝ සමයේදී සමකය දිගේ බටහිරට හමන සුළං වේගය අඩු වන අතර උණුසුම් ජලය නැගෙනහිර දෙසට තල්ලු වී උණුසුම් මතුපිට සාගර උෂ්ණත්වයන් ඇති කරනු ලබනවා.
හරිතාගාර ආචරණ බලපෑ මත මේ වනවිට කාලගුණික උෂ්ණත්වයේ සාමාන්‍ය අගය පූර්ව කාර්මික යුගයට සාපෙක්ෂව සෙල්සියස් අංශක 1.2කින් ඉහළ ගොස් ඇති අතර විද්‍යාඥයන් පුරෝකථනය කරන්නේ එය තවදුරටත් ඉහළ යා හැකි බවයි.
ලෝකයේ වැඩියෙන්ම අහිතකර වායු විමෝචනය කරන රටවල් තම ශුද්ධ විමෝචන අගයයන් බිංදුවටම බස්සන බවට විවිධ අවස්ථාවලදී ප්‍රතිඥා දී තිබුණද පසුගිය වසර දක්වාම ගෝලීය කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඛණ්ඩව ඉහළ ගොස් තිබෙනවා.
මේ පිළිබඳව රෝයිටර් වෙත අදහස් දක්වන යුරෝපා සංගමයේ කොපර්නිකස් දේශගුණික විපර්යාස සේවයේ අධ්‍යක්ෂ කාලෝ බුවොන්ටෙම්පෝ පවසන්නේ, ගෝලීය මට්ටමේ උෂ්ණත්වය ඉහළ යාම 2023 දී හෝ 2024 දී සිදුවේද යන්න පිළිබඳව තවමත් නොදන්නා නමුත්, එය බොහෝ දුරට සිදු වීමට ඉඩ තිබෙන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |