Meta සමාගමට නඩු පවරා ඩොලර් 50,000ක් දිනාගනී..!

Facebook Meta
By Sewvandhi Jun 16, 2023 12:56 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

Meta සමාගමට එරෙහිව නඩු පැවරූ පුද්ගලයෙකු අමෙරිකානු ඩොලර් 50,000ක මුදලක් හිමිකරගෙන ඇති බව වාර්තා වනවා.

වාර්තා වන පරිදි, Jason Crawford නැමති එම පුද්ගලයා පසුගිය වසරේ දී අදාළ නඩුව පවරා තිබූ අතර සාධාරණ හේතුවකින් තොරව සිය Facebook ගිණුම අවසන් කිරීම සහ ඒ සම්බන්ධයෙන් දැනුම්දීම් සිදු කළ ද ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව එම නඩුව පවරා තිබුණා.

එනම්, නඩුව විභාගයට ලක් කරමින් ජෝර්ජියාවේ අධිකරණයක් විසින් Meta සමාගමට නියෝග කර ඇත්තේ අදාළ පුද්ගලයාට අමෙරිකානු ඩොලර් 50,000ක මුදලක් ගෙවන ලෙසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම නියෝගයෙන් අනතුරුව නඩුව ගොනු කළ පුද්ගලයාගේ Facebook ගිණුම නැවත සක්‍රීය කිරීමට සමාගම පියවර ගෙන ඇති නමුත් ඔහුට මෙතෙක් අධිකරණය නියෝග කළ මුදල Meta සමාගම විසින් ගෙවා නොමැති බවයි.