මෙවැනි ලක්ෂණ තියෙන Narcissistic පෞරුෂාබාධ සහිත ප්‍රේම කුරුල්ලන්ගෙන් පරිස්සම් වෙන්න.

By Wayomi Jun 29, 2023 12:50 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ලේසියෙන් හඳුනාගත නොහැකි මෙවැනි ලක්ෂණ තියෙන Narcissistic පෞරුෂාබාධ සහිත පාර්ට්නර් කෙනෙක්ට ජිවිතයටවත් ආදරේ කරන්න එපා.

කෙනෙක් තමන් හොඳයි වගේ පෙන්නගෙන, තමන්ගෙ partner ගැන තමන්ගෙ යාලුවන් අතර වැරදි චිත්‍රයක් මවනවා නම් ඒක තමයි ඒ පුද්ගලයාගේ පහත්ම ලක්ෂණය.

🟣 මේ වගේ අය තමන්ගෙ partner ට හොරෙන් වෙන සම්බන්ධතා පවත්වා ගෙන යන ගමන් එහෙමත් නැත්තන් වෙන කෙනෙක්ගෙ පස්සෙන් යන ගමන් ඒ ගැන ප්‍රශ්න කලාම " බොරුවට සැක කරනවා" , "ඕවා ඔයාගේ ඔලුවෙන් මවාගත්ත විකාර" වගේ දේවල් කියනවා.

🟣 මේකට psychology වලදි කියන්නේ narcissistic පෞරුෂාබාධ සහිත පුද්ගලෙයෙක් විසින් එසේ නොවන නිර්දෝශී පුද්ගලයෙක්ව gaslight කරනවා කියලා.එහෙමත් නැත්නම් මේකට emotional manipulation/emotional abuse කියලත් කියනවා.

🟣 මේකෙදී වෙන්නේ තමන්ගේ partner ට තමන් හිතන විදියේ වැරැද්දක් තියෙයි කියලා තමන් ගැනම වරදකාරී හැගීමක් දැනෙන්න සලස්වන එක .toxic relationship එකක් ඇතුලේ gaslight එකට නැත්තන් emotional abuse එකට නිතර ලක්වෙන පුද්ගලයන් පසුකාලීනව මානසිකව දැඩිව පීඩා විදිනවා.පීඩනය සහ කම්පනය නිසා විශාදය සහ තවත් එවැනි තත්වයන්ට පවා ගොදුරුවෙනවා .

🟣 ඒ වගේම narcissistic හිතේ තියෙන ප්‍රශ්නයක් කතා කරන්න හැදුවම සති ගණන් මාස ගණන් කතා නොකර punishment එකක් විදියට Silent treatment දෙන එකත් emotional abuse එකක්.

🟣 මේකෙදි silent treatment දෙන පුද්ගලයා අනිත් කෙනා සමඟ communicate කරන එක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා තමන්ගෙ නිහඩ බව නිසා අනෙකා විදවනවා බලලා කුරිරු සතුටක් ලබනවා.

🟣 එහෙම හැසිරෙන්න කෙනෙක්ට කොයිතරම් දරුනු හිතක් තියෙන්න ඕනිද? .මේකත් toxic behavior එකක් වගේම narcissistic personality disorder කියන පෞරුෂාබාදය තියෙන පුද්ගලයන්ගේ ලක්ෂණයක්.

🟣 අනිත් දේ තමයි අපි genuinely(අව්‍යාජව) කෙනෙක්ට ආදරෙයි නම් එයාව අවංකව feel වෙනවා නම් දෙන්න අතර වෙන පොඩි ප්‍රශ්නයක් වුණ ගමන් matured වැඩිහිටියන් විදියට ඒක කතා කරලා විසඳාගන්නවා වෙනුවට එකදිගට සති ගණන් මාස ගණන් කතා නොකර silent treatment දීලා සන්නිවේදනය කිරීම ප්‍රතික්ශේප කරලා යම්කිසි කාලෙකට වෙන අය ගාවට යන්න බෑ කීයටවත්.

🟣 ඇත්ත කතාව තමයි genuinely ආදරේ කරන අය තමන්ගේ affair එකේ තියෙන ප්‍රශ්න විසඳන්නේ වෙනත් අය සමඟ affair ඇතිකරගන්නෙ නෑ.

🥺.........Narcissistic abuse cycle එක .......... පලවෙනි phase එක තමයි "idealize "

🥺මේකෙදි phase එකේදි Lovebombing කරන්නේ.


Love bombing කියන්නේ මොකක්ද ?

💔 Narcissistic personality disorder එක තියෙන පුද්ගලයන් බොහෝවිට lovebombing කරනවා.

💔 Love bombing කියන්නේ narcissistic කෙනෙක් අපිව relationship එක්ක පටන් ගන්න හිතෙන විදියට impress කරන එකට .

💔 අපිට නිතර තෑගි බෝග දීලා ,අපිව වර්ණනා කරන්න පුළුවන් උපරිම වර්ණනා කරලා ,ගොඩක් caring ,affectionate වගේ පෙන්නන එකට.

💔 අනිත් කෙනාව praise කරලා ගොඩක් happy feelings දෙන එකට .ඒවගේම තමන් target කරන කෙනා කැමති දේවල් වලට තමනුත් ගොඩක් කැමති බව අගවනවා.

💔 හැබැයි මේ දේවල් එයාලා කරන්නේ අව්‍යාජව පිරිසිදු හිතකින් නෙවෙයි. ඒ වගේම මේ දේවල් එයාලා continue කරන්නේ relationship එකක් පටන්ගන්න කලින් මුල් අවදියේදී target එක තමන්ගේ ග්‍රහණයට ගැනීම සඳහා සහ relationship එකක් පටන් අරන් මාස කිහිපයක් යනකන් විතරයි .

💔 ඒ වගේම මේ තමන් තරන් කෙනෙක් නෑ වගේ හරියට තමන් ගැන පුරාජේරු කියවනවා අනිත් කෙනාගේ හිත ඇදගන්න.

💔 ඊට පස්සේ තමයි abusive cycle එක පටන් ගන්නේ .මේකට කියන්නේ "devalue" කියලා. මෙතනදි verbally සහ emotional abuse එකක් වෙනවා.

💔 narcissistic personality එක තියෙන කෙනා අනිත් කෙනාව manipulate කරන්න ගන්නවා.මම කලින් කිව්වා වගේ gaslight කරනවා.තමන්ගේ මතකය තමන්ට ප්‍රශ්න කරන්න සලස්වනවා.cheat කරලා තමන් කරපු වරද පිලිගන්නවා වෙනුවට මෙයාලා කරන්නේ "ඔයා ඔලුවෙන් විකාර මවාගෙන " වගේ කියලා අනිත් කෙනාගේ පිට වරද පටවන එක, නිර්දෝෂී කෙනාට තමන් හිතන විදිය වැරදියි කියලා තමන්ගෙ සිතුවිලි ප්‍රශ්න කරන්න සලස්වන එක.

💔 මේකෙන් victim ගෙ මනස අවුල් ජාලයක් වෙනවා.ඒවගේම තමයි මේ abuse එකට ලක්වෙන කෙනා හෙවත් victim (ගොදුර) අනිත් කෙනා තමන්ව cheat කරපු වගේ දේක සාක්ශි ඉදිරිපත් කලොත් අනිත් කෙනා කරන්නේ ඒ වරද පිලිගන්නවා වෙනුවට situation එකේ control එක තමන් අතට ගැනීම සදහා සති ගණන් ,මාස ගණන් silent treatment දෙන එක.

💔 එයාලා එහෙම silent treament දීලා victim ට punish කරනවා.victim කොච්චර හඩා වැලපුනත් චුට්ටක්වත් ගනන් ගන්නෙ නෑ.ගලක් වගේ ඉන්නවා.ඔවුන් මෙහෙම කරලා victim ව control කරනවා.මෙතනදි victim ලා ගොඩක් විදවනවා අර bombing phase එකේදි narcissistic පුද්ගලයා තමන්ට අසීමිතව දීපු joyful feel… මෙතනදි narcissistic පුද්ගලයා.

💔 තමන් සුදනෙක් වගේ පෙන්නගෙන, තමන්ගෙ කලින් partner ගැන තමන්ගෙ යාලුවන් අතර සහ අලුතෙන් යාලු කරගන්න හදන කෙනාගේ හිතේ වැරදි චිත්‍රයක් මවනවා නම්.මේක සමහරවිට 1% විතර ඇත්තක් සහ 99% ක් බොරු ඇතුල් කරලා කරන දෙයක් වෙන්න පුළුවන් .

💔 ඉතිං හරියට මුල මැද අග හරියට නොදන්න උදවිය අර 1% ඇත්ත නිසා ඉතුරු බොරු ටිකත් 99% ත් ඇත්ත කියලා හිතන්න පුළුවන් . ඒක හරියට මේ වගේ.

💔 තමන් කාලයක් තිස්සේ සැරින් සැරේ වටේ ගිහිං අහූඋනාම තවත් ඉවසන් ඉදලා බැරිම තැන,මෙහෙම අය කවදාවත් හැදෙන්නෙ නෑ කියලා දන්න අනිත් partner "අපි affair එක නවත්තමු " කියලා කියනවා වගේ.

💔 එතකොට මේ වගේ වෙලාවක අර toxic narcissistic පුද්ගලයා කරන්නේ තමන්ගේ partner relationship එක නවත්තමු කිව්වා ඒ නිසා තමන් අවුලෙන් ඉන්න බව යාලුවන්ට සහ ඊළඟට යාලු කරගන්න බලාගෙන ඉන්න කෙනාට පැවසීම.

💔 ඒ විතරක් නෙවෙයි කලින් partnerගේ නැති වැරදි බොරු මවා කීම .

💔 ඉතිං අර relationship එක නවත්තමු කිව්වා 1% ඇත්ත නිසා පිටස්තර පුද්ගලයන් ඉතුරු බොරු 99% ත් ඇත්ත කියලා විශ්වාස කරනවා.මොකද narcissistic පුද්ගලයා එහෙම නවත්තන්න ඇත්තම හේතුව නොකියා තමන් සුදනාවෙලා අනිත් කෙනාගේ පිට වරද පටවපු නිසා.

💔 මේ වගේ එක හිතක් නැති අය ගෑනු ලමයිගෙ අවදානෙ ගන්න කියනවා " මගේ partner ට මාව සැකයි ,තේරුම් ගන්නේ නෑ ,එක හිතක් නෑ ,මම අවුලෙන් ඉන්නේ,ලව් එපා වෙලා ,මම හැමදාම කලේ ආදරේ වෙනුවෙන් කැපකිරීම් කරපු විතරයි "

💔 දුක අහල නංගිලත් ඉන්නවනි ඇති තරම් .එතකොට එයාලා "අයියෝ ඒ වගේ වගේ immature අයව ඔයාට හරියන්නේ නෑ අයියේ " කියලා දුක අහන් ඉන්නවා.

💔 ඊට පස්සේ වෙන්නේ narcissistic පුද්ගලයා ටික දවසක් ගිහිං "ඔයා නම් එහෙම නෑ .ඔයා හරිම හොදයි .ඔයා වගේ කෙනෙක්ව මටත් ලැබෙනවා නම් මම ගොඩක් වාසනාවන්තයි .ඔයා වගේ කෙනෙක්ව මටත් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා" කියලා අර දුක අහන කෙනාව ගොඩක් වර්ණනා කරලා ඉහලින් තියනවා.හිතේ ආදරේ ඇතිවෙන නොයෙකුත් දේවල් කියනවා.

💔 මේක අර කලින් relationship වලදිත් දකින්න ලැබුනු lovebombing phase එක තමයි .ඊට පස්සෙ කොහොමහරි ආදරේ ඇති කරලා යාලු කරගෙන මාස දෙක තුනක් mask එකක් දාගෙන ඉන්නවා .

💔 ඊට පස්සේ අර කලින් relationship වලදි වගේම මේ relationship එකේදීත් තමන්ගේ partner ව manipulate කරන්න gaslight කරන්න පටන් ගන්නවා .

💔 emotional abuse එක පටන් ගන්නවා.එතකොට මේ අලුත් partner ගෙත් ඔලුව mess එකක් වෙනවා.ඊට පස්සේ මේ narcissistic පුද්ගලයා කරන්නේ කලින් තමන් හොඳ කෙනා වෙලා අලුත් partner ගෙ පිට වැරැද්ද පටවලා silent treatment දිලා එයාවත් discard කරලා දාන එක.

💔 ඊට පස්සේ narcissistic පුද්ගලයා අලුත් supply එකක් හොයාගන්නවා.හොයාගෙන .කලින් වගේම මුලින්ම lovebombing ,කලින් partners ලගේ වැරදි කියලා අලුත්කෙනාට ගොඩක් copliment දීම ,රීලගටmanipulation ,gaslight ,discard කියන මේ ටික දිගටම continue කරගෙන යනවා.

💔 ඔවුන් පටන් ගන්න හැම relationship එකකම මේ lovebombing ,gaslight ,manipulation ,discard කියන දේවල් තියනවා.(වෙනස් වෙන්නේ abuse එකට ලක්වෙන පුද්ගලයා කාලෙන් කාලෙට අලුත් පුද්ගලයෙක් වීම සහ abuse එක පටන් ගන්න කාලය එහාමෙහා වීමපමණමයි).

💔 මේ narcissistic abuse කියන්නේ cycle එකක් .මේකේ අනිත් අවස්ථාව තමයි "hoover " කියන එක.මෙහිදී සිදුවන්නේ කෙනෙක්ව lovebombing කරලා,manipulate කරලා ,gaslight කරලා,අන්තිමට silent treatment දීලා discard කරලා ,වෙන කෙනෙක් ලගට ගිය narcissistic පුද්ගලයා ඒ අලුත් relationship නවත්තලා ආයෙමෙත් කලින් affair එකේ කෙනාත් සමඟම සම්බන්ධ වීමට නොයෙකුත් දේවල් කිරීම.

💔 ඒක අහඹු ලෙස call කරලා ,msg කරලා දුක සැප විමසලා සුහදවෙලා වෙන්න පුළුවන්.

💔 ඒ වගේම birthday එකක් හෝ වෙනත් විශේෂ දවසකදී සුබපතලා ඉන්පසු ටික ටික සුහදවෙලා ආයේ ලංවෙන්න හදනවා. වෙන්න පුළුවන් .

💔 යලි වැරදි නොකරන බවට දහ අතේ දිව්රා සමා වගැනීමක් වෙන්න පුළුවන් .

💔 මේ මොන විදියට hoover කලත් ඔවුන් එසේ කරන්නේ අවංක චේතනාවකින් නොවේ.manipulate කිරීම සඳහාම පමණයි.


ගොඩක් වෙලාවට narcissistic පුද්ගලයන්ට ආයෙ ආයෙම අහුවෙන අය

💔 හේතුව තමයි narcissistic personality disorder එකක් තියෙන පුද්ගලයෙක් බවට හදුනාගත නොහැකිවීම.සමහර අය නොදැන රැවටුනත් narcissistic කෙනෙක් බව දැනගෙනත් ආයෙම narcissistic ලා එක්ක සම්බන්ධතා පවත්වන අයත් ඉන්නවා.ඒකට හේතුව තමයි ඔවුන්ට අර කලින් සැරේ affair එක තියෙද්දි lovebombing එකේදී දැනුන happy feeling නිසා narcissistic පුද්ගලයට ගැලවෙන්න බැරි විදියට තදින් ඇබ්බැහි වී හිදීම.

💔 කොහොම වුණත්, ඉතිං මේ hoovering එකට රැවටිලා ආයෙත් මේ toxic narcissistic පුද්ගලයා සමඟ relationship එකක් ඇති කරගත්තොත් අනිවාර්යයෙන්ම ආයෙත් lovebombing ,gaslight ,devalue ,discard ,hoover කියන දේවල් අත්විදින්න ලැබෙනවාම තමයි.මොකද narcissistic abuse කියන්නේ never ending cycle එකක්.

💔 Silent treatment දෙන ,එක හිතක් නැති ,තමන්ගෙ partnerගේ නැති වැරදි වටේම කියලා තමන් හොඳ කෙනා වෙන්න හදන ,දෙයක් තමන්ට විතරක් කරන්න හොඳ වෙලා අනිත් කෙනා ඒකම කලාම හොඳ නෑ කියලා double standards තියන් ඉන්න එකෙන් පුද්ගලයගේ සැබෑ චරිතය පසුකලකදී මතුවෙලා පේනවා.

..................................................................................................................

❤️‍🔥 ඇත්තටම ආදරේ අය silent treatment දීලා තමන්ට සන්නිවේදනය කිරීමට තියෙන අයිතිය නැතිකරන්නේ නෑ.

❤️‍🔥 ඇත්තටම ආදරේ අය බොරු හේතු හදන් affair එක නවත්තලා වෙන අය එක්ක හොරෙන් affair පටන් ගන්නෙ නෑ.

❤️‍🔥 ඇත්තටම ආදරේ අය යාලුවො එක්ක තමන් ගැන බොරු දේවල් කියලා අපහාස කරන්නේ නෑ.

❤️‍🔥 ඇත්තටම ආදරේ අය අලුත් partner කෙනෙක් ලගට යන්න ඕනි උනාම කලින් partner ගැන බොරු මවලා විවේචනය කරලා අලුත් කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇතිකරගන්න බලන්නෙ නෑ.

❤️‍🔥 මේ ඔක්කොම disrespectful හැසිරීම් .තමන්ට respect එකක් නැති තැන්වල කිසිම වෙලාවක රැදෙන්න එපා.

❤️‍🔥 මේ වගේ දේවල් ගානක් නැතුව , කිසිම ගානක් නැතුව කරන්න පුළුවන් ව්‍යාජ චරිතයක් maintain කරන පුද්ගලයන්ට විතරයි .

❤️‍🔥 ඒ වගේම එක හිතක් නැති අයව දරාගෙන ඉන්න කරන්න තරම් මෝඩ කෙනෙක් වෙන්න එපා.ඒ වගේ අය බැන්ද කියලා කවදාවත් හැදෙන්නේ නෑ.