ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සහ අගමැතිනිය අතර හමුවක්
India
Harini Amarasuriya
Latest Headlines
Sinhala news
Puwath.lk
By Shehan
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (11) මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි අග්‍රාමත්‍ය කාර්යාලය සඳහන් කළේ.
නායකත්වය සහ සැලසුම් කිරීම සඳහා වන පුහුණු වැඩසටහන් ඇතුළුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද්වීපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
දෙමළ මාධ්‍ය සඳහා පවතින ගුරු හිඟයට විසඳුම් සෙවීම සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ඉදිරියට ගෙන යාම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරනවා.
මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව මහතා ද සහභාගී වී තිබෙනවා.