රටේ ඖෂධ හිඟය අවසන් කරන දිනය ඇමති කියයි..

Keheliya Rambukwella Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Jan 01, 2023 02:47 PM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, ඖෂධ හිඟය හේතුවෙන් රටේ මතුව ඇති ගැටලු මෙම වසරේ පළමු කාර්තුව වනවිට නිරාකරණය කරන බවයි.

 මේ වසර සඳහා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට විශාල මුදලක් වෙන්කර ඇති අතර ඉන්දියානු ණය ආධාර මෙන්ම ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක් රටේ ඖෂධ ගැටලුව විසඳා ගැනීමට අවශ්‍ය සහය ලබාදෙන බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඖෂධ හිඟයෙන් දේශපාලන වාසි ලබාගැනීමට සිටින පිරිස් විසින් ඖෂධ ආනයනකරුවන් අධෛර්යමත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ද මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

රජය ඖෂධ සමාගම්වලට රුපියල් බිලියන 15ක්ද, රාජ්‍ය බැංකු දෙකකට රුපියල් බිලියන 16ක්ද ඇතුළුව බිලියන 52ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යංශය ණය ගෙවීමට ඇති බව එහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now