වහාම ක්‍රියාත්මක පරිදි ඖෂධ මිල ඉහළ දැමේ..!
                    
                medicine
            
                    
                Parliament
            
                    
                Channa Jayasumana
            
                    
                SR Atigala
            
            
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    සියයට 29කින් ඖෂධ මිල ඉහළ දැමීමට මිල පාලන කමිටුව අවසර දී තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ, ඒ අනුව සියලුම ආනයනික ඖෂධවල මිල ගණන් මෙම නව සංශෝධන මිල යටතේ අලෙවි කළ හැකි බවයි.
ඊයේ (10) පස්වරුවේ දී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ආනයනය කරනු ලබන ඖෂධවල මිල ගණන් සාධාරණ මිලක් යටතේ ඉහළ දැමීමට ආනයනකරුවන්ට අවසර දෙන බවත්,
ඖෂධ අලෙවිකරුවන්ට ද සිය මිල ගණන් යාවත්කාලීන කරමින් දිවයිනේ කිසිදු ඖෂධ හිඟයකින් තොරව බෙදාහැරීමට ද කටයුතු කළ යුතු බවයි.
මේ අතර, අද (11) මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල නිවේදන කලේ, අත්‍යවශ්‍ය භාණ්ඩ 367කට පැනවූ තහනම ඖෂධවලට පනවා නොමැති බවයි.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  | 
 
                 
                 
                                             
        
     
     
     
     
    