දිවයින පුරා රජයේ රෝහල්වල ඖෂධවේදීන් වැඩවර්ජනයක - ඖෂධ නිකුත් කිරිමට කුමක් සිදුවෙයි ද?.

Sri Lanka Hospitals in Sri Lanka
By krishani Jun 16, 2023 07:38 AM GMT
Report

අද(16), උදෑසන 8 සිට හෙට උදෑසන 8 දක්වා දිවයින පුරා රජයේ රෝහල් වල රජයේ ඖෂධවේදීන්ගේ සංගමය විසින් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු මාරු කිරීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව එම සංගමයේ සභාපති තුෂාර රණදේව පැවසීය.

කෙසේවෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මේ හේතුවෙන් රජයේ රෝහල් තුල ඖෂධ නිකුත් කිරීමේ කටයුතුවලට බාධා සිදුවිය හැකි බවයි.