ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ආහාර වේල් ගැන කාරක සභාව කළ විශේෂ ප්‍රකාශය.
ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ආහාර වේල සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.
ඒ , අනුව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කර සිටියේ,රජය විසින් වියදම් කරනු ලබන මුදලට සාපේක්ෂව ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා නිසි කැලරි ප්‍රමාණය සහිත පෝෂණීය ආහාර වේල් ලබාදිය යුතු බවයි.
එලෙස ඔවුන්ට පෝෂණයක් සහිත ආහාර වේල් ලැබීම පිළිබඳ සොයා බලා තහවුරු කරගත යුතු බවත් මන්ත්‍රීවරයා පවසා තිබෙනවා.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, යුධ හමුදාවේ ආහාර සැපයීම සිදුකරනු ලබන සැපයුම්කරුවන්ගේ හිඟ බිල්පත් ගෙවීමට අදාළව රුපියල් බිලියන 16.5 ක මුදලක් ලබා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ පරිපුරක ඇස්තමේන්තුවක් සඳහා අනුමැතිය ලබා දෙමින්.
ඒ, සම්බන්ධයෙන් උසස් හමුදා නිළධාරීන් පවසා ඇත්තේ, දිනකට කිලෝ කැලරි 3,400 ක ආහාර වේලක් රාජකාරියේ නියුතු හමුදා සෙබළෙක්ට ලබා දිය යුතු වුවද වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ එය අභියෝගයක් වී ඇති බවයි.