පාර අයිනේ පලතුරු වික්ක 18ටේ තරුණයාට නගරාධිපතිගෙන් කනේ පහරක්..බිරිඳ වීඩියෝ කරයි..

Police Sri Lanka Political Urban council Beruwala
By Aruna Dec 17, 2021 01:06 AM GMT
Report

බේරුවල නගරාධිපති මසාහිම් මොහොමඩ් තමන්ට කනට පහර දුන් බව පවසමින් 18 හැවිරිදි තරුණයකු ඊයේ පැමිණිල්ලක් කළ බව බේරුවල පොලිසිය කියයි.

බේරුවල දිනගොඩ ප්‍රදේශයේ මාර්ගය අසල කුඩා ලොරි රථයක එළවළු සහ පළතුරු වෙළඳාමේ යෙදෙන අවස්ථාවේදී කැබ් රථයකින් පැමිණි නගරාධිපතිවරයා අනවසර වෙළඳාමක් යැයි පවසමින් තරුණයාට බැන වදින අවස්ථාවේදී තරුණයා හා නගරාධිපතිවරයා අතර බහින්බස් වීමක් සිදුවීමෙන් අනතුරුව තම කනට අවස්ථා දෙකකදී පහර දුන් බව තරුණයා සිදු කළ පැමිණිල්ලේ සඳහන් වේ.

බහින්බස් වීම සිදුවන අවස්ථාවේදී තරුණයා වෙළදාම් කරන රථයේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ එම ස්ථානයට පැමිණ ඇති අතර නගරාධිපතිවරයා තරුණයාගේ කනට පහර දෙන අවස්ථාවේදී එම කාන්තාව සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ දර්ශනය කර ඇතැයිද පොලීසිය කියයි.

සිද්ධිය සැලවූ වහාම බේරුවල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් දෙපාර්ශ්වයම පොලිසියට කැඳ වීමට පියවර ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now