ගෙදරදීම හදාගන්න පුළුවන් පෝෂණීය Mayonnaise Recipe එකක්.

Sri Lanka Healthy Food Recipes Sri lanka Food Recipes
By Wayomi Jun 23, 2022 10:15 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා මයෝනේස් - Mayonnaise එක්ක කෑම කන්න. කෑම හදන්න. ඒත් මේ දවස්වල Mayonnaise මිල වැඩියි. හොයාගන්න ටිකක් අමාරුයිනේ. ඒ නිසා මේ කියන්න යන්නේ බිත්තර කහ මඳ වලින් ගෙදරදීම පෝෂණීය Mayonnaise Sauce එකක් හදාගන්නේ කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය

? බිත්තර කහමද 2

? අබ පේස්ට් තේ හැඳි 1

? ලුණු පින්ච් එකක්

? සීනි තේ හැඳි 1/2

? ගම්මිරිස්කුඩු තේ හැඳි 1

? ගාලික් පව්ඩර් තේ හැඳි 1

? විනාකිරි හෝ ලෙමන් යුෂ මේස හැඳි 1

? තෙල් කෝප්ප 1  

සාදාගන්න ආකාරය

? තෙල් හැර අනෙක් සියල්ලම දාලා පොඩ්ඩක් බීට් කරන්න.

? ඊළඟට තෙල් ටික ටික දාලා ලා කහ වර්ණයක් එනකල් හොඳට බීට් කරගන්න.

? අවම විනාඩි 10-15ක්වත් බීට් වෙන්න ඕනේ.

? හොඳටම බීට් වෙලා මික්ස් වුණාම ෆ්‍රිජ් එකේ තියල කූල් කරගන්න.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW