වෙළෙඳසැළකට පැන සිදුකල අමානුෂික කඩු ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට - බිහිසුණු අතිශය සංවේදී දර්ශන සහිතයි (CCTV VIDEO)

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sithumi Aug 25, 2022 12:47 PM GMT
Report

වෙළෙඳසැළක සිටි පුද්ගලයින් දෙදෙනෙකුට මැර කල්ලියක් විසින් තියුණු ආයුධවලින් පහරදී එක් අයෙකුව ඝාතනය කර තිබේ. එම ඝාතනය වෙළෙඳසැලේ සවිකර තිබූ CCTV කැමරාවල සටහන්වී තිබුණි. විදේශගතවී සැඟවී සිටින මතුගම ශාන් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ කල්ලිය විසින් මතුගම බෝපිටිය ප්‍රදේශයේ වෙළෙඳසැලකට කඩාවැදී මෙම ප්‍රහාරය එල්ලකර ඇත.

කළු පැහැති ආරක්ෂක හිස්වැසුම් සහ කබා පැළැඳ වෙළෙඳසැලට ඇතුළුවූ පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (23) රාත්‍රියේදී මෙම පහරදීම සිදුකර තිබුණි. මෙම තියුණු ආයුධ ප්‍රහාරයෙන් කිසිදු අපරාධයකට සම්බන්ධ නොවූ වෙළෙඳසැලට පැමිණ තිබූ අහිංසක පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පැවසීය. 

 ඔහු 37 හැවිරිදි බෝපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධියෙන් බරපතළ තුවාල රෝහල්ගත කළ අනෙක් පුද්ගලයා මතුගම ශාන් සමග කලක් ඇසුරු කර පසුව විරසක වූ පුද්ගලයෙකු බවද වාර්තා විය. එම පුද්ගලයා හිටපු ගුරුවරයකු වන අතර 'ශාන්' ගෙන් මරණ තර්ජන ඇති බවට පොලිස් ස්ථාන කිහිපයකට පැමිණිලි කර ඇති බවද අනාවරණයවී ඇත.

   (වීඩියෝ අයිතිය - අද දෙරණ)


         සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now