ගැබිනියක් පුංචි දරුවාත් අතේ තියන් ඉද්දි මුහුණ දුන් බිහිසුණු සිදුවීම කැමරාවක සටහන් වෙයි (CCTV VIDEO)

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Mar 05, 2023 11:11 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

මත්තෙගොඩ කුඩමාදූව ප්‍රදේශයේ අලෙවි සැලක කුඩා දරුවකු අත දරාගෙන රැඳී සිටි ගැබිනි කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ල කන අයුරු එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණි.

අදාළ කාන්තාව දරුවා අත දරාගෙන සිටිය දී හිස් වැසුම් පැළඳ වෙළෙඳසැලට පැමිණෙන පුද්ගලයෙක් මාලය කඩාගෙන පළා යයි.

එම අවස්ථාවේදී අත දරුවා කාන්තාවගේ අතින් ගිලිහි යන අතර, දරුවාට අනතුරක් නොවී බේරෙන්නේ අනූනවයෙනි. සැකකරු අත්අඩංගුවට ගැනීමට මත්තේගොඩ පොලීසිය මහජන සහය පතයි.

(වීඩියෝ - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now