මතීෂට ඉන්දීය තරුණියන්ගේ ඉල්ලුම වැඩිවෙයි..තරුණ සුරූපී නිළියක් ප්‍රසිද්ධියේ සිය කැමැත්ත ප්‍රකාශ කරයි..(PHOTOS)

Sri Lanka Cricket Gossip Today IPL 2024 Matheesha Pathirana
By Aruna Apr 05, 2024 04:35 AM GMT
Report

මේ දිනවල ඉන්දීය ප්‍රිමිය ලීගය ඉන්දියාවේදී අති සාර්ථක අන්දමට පැවැත්වෙමින් පවතිනවා.

මේ දිනවල එම තරගාවලියේ දැඩි කතා බහට ලක් වෙන කණ්ඩායම් සහ පුද්ගලයින් අතරට අපේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන මතීෂ පතිරණද එක්ව සිටීම සුවිශේෂී කාරණයක්.

මතීෂ ගැන මෙතරම් ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ දැඩි කතා බහට ලක්වීමට හේතුව නම්, පසුගිය දා දිල්ලි කැපිටල් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැත් වූ තරගයේදී මතීෂ පතිරණගේ පන්දු යැවීම සහ පන්දු රැකීම සුවිශේෂී වීමයි. 

ප්‍රවේගකාරි ලෙස පන්දුවට පහර දෙමින් සිටි ඩේවිඩ් වෝර්නර් ලබා දුන් උඩ පන්දුව රැක ගැනීම කාගේත් කතා බහට ලක් වුණා වගේම, මතීෂ දිල්ලි ක්‍රීඩකයින්ගේ කඩුළු 3 ක් බිඳ දැමීමට ද සමත් විය.

මේ අතරම චෙන්නායි තරුණියන්ගේ සිහින කුමරා බවට පත් වෙන්නට මතීෂ පතිරණ සමත්ව තිබීම විශේ්ෂත්වයක්.

ඔහුට අතිශය ඉහල ප්‍රතිචාර ලැබෙන අතර ඉන්දීය ජනප්‍රිය නිළියක් වෙන නේහා මෙනන්ගේ කැමතිම ක්‍රිකට් තරුව ලෙස මතීෂව හඳුන්වා දී තිබීම ගැන කාගේත් කතාබහට ලක්ව තිබේ.

ඇය තැබූ සටහනක් හේතුවෙන් මතීෂ සහ ඇය අතර ආදර සබඳතාවයක් ඇති බවටද කටකතාවක් පැතිර ගිය අතර පසුව ඇය එය ප්‍රතික්ෂේප කර තිබූ බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් චෙන්නායි තරුණියන්ගේ අලුත්ම සිහින කුමරා බවට පත් වෙන්නට මතීෂ පතිරණ සමත්වී තිබීම ශ්‍රී ලාංකිකයින් ලෙස ආඩම්භරයක්.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery