04 වසරේ සිසුවා විදුහල්පතිගෙන් පහර කා රෝහලේ

Matara Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jun 17, 2023 09:48 AM GMT
Report

මාතර අකුරැස්ස ප්‍රදේශයේ කණිෂ්ඨ විදුහලක විදුහල්පතිවරයා විසින් එම පාසලේ 4වන වසරේ ඉගෙනු ලබන සිසුවෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් සිසුවා රෝහල්ගත කර ඇති පුවතක් වාර්තා වනවා.

පසුගිය 15 වනදා අදාළ පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.මෙහිදී අනාවරණය වී ඇත්තේ, සිසුවාට A4 කොළයක් රැගෙන එන ලෙස දන්වා තිබුණ ද ඔහු එය රැගෙන නොඒම හේතුවෙන් විදුහල්පතිවරයා විසින් සිසුවාගේ පිට ප්‍රදේශයට පහරදී ඇති බවයි.

අනතුරුව අදාළ සිසුවා නිවසට ගිය පසු එකවරම වමනය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් දෙමාපියන් දරුවාගෙන් ප්‍රශ්න කර තිබුණි. එහිදී සිසුවා, තමන්ට විදුහල්පතිවරයා කළ පහරදීම සම්බන්ධයෙන් දෙමාපියන්ට හෙළි කර තිබෙනවා.

ඉන් අනතරුව දෙමාපියන් විසින් සිසුවාට අකුරැස්ස රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වනවිට සිසුවා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

අනතුරුව දෙමාපියන් විසින් මේ සම්බන්ධයෙන් බංගම පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ සැකකාර විදුහල්පතිවරයාව ඊයේ (16) සවස අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අද (17) මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.