මාස්ටර් චෙෆ් තුන්වන ස්ථානය දිනූ සාවිනද්‍රි දිවයිනට...(PHOTOS)
Australia
By Sithumini
ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තුන්වන ස්ථානය හිමිකරගත් සාවින්ද්‍රි පෙරේරා අද දිවයිනට පැමිණියා. මෙවර අපේ රඩ ලෝකෙටම අරන් ගිය සාවින්ද්‍රි පෙරේරා නිසා මෙවර ඔස්ට්‍රේලියානු මාසටර්චෙෆ් විශේෂ වුණා.
එහි විශේෂත්වයවන්නේ පළමු වරට ලාංකිකයෙක් මාස්ටර්චෙෆ් තරගයක අවසන් තුන් දෙනා අතරට තේරුන එකයි.
ඒක තවත් සුවිශේෂි වන්නේ ඇය මේ තරඟාවලිය පුරාවටම ඉව්වෙ අපේ ලාංකික කෑම, යොදාගත්තේ අපේ කුළු බඩු හා ඇය භාවිතා කලේ අපේ කෑම පිසීමේ තාක්ෂණික ක්‍රම නිසා.
අද ඇය දිවයිනට ආවා. ඇය එහිදී කියා සිටියේ මෙම අවසථාව ඇයට සුවිශේෂි බවයි. හෙළ රස ලෝකෙටම අරන් යන්න ඇයට පුළුවන් වීම පිළිබදව ඇය සතුටට පත්වූ බවද ඇය ප්‍රකාශ කළා.
විශේෂයෙන්ම මෙහිදී ඇය සදහන් කළේ ලෝකේ විශාල රටවල් පිරිසක් අතරින් ඇයට ජයග්‍රහණය කිරීම සදහා ලංකාවේ විශේෂ කෑම වෙන කිරිබත් , මාළු කලු පොල් මාළු ආදිය පිසූ බවයි.