විවාහ වෙන්න ඉන්න අයට අගමැතිගෙන් සුබ පණිවුඩයක්.!!!
Dinesh Gunawardena
Sri Lanka
By Aruna
විදේශිකයින් සහ ශ්‍රී ලාංකිකයින් අතර විවාහ ලියාපදිංචියට පැවති අවහිරතා ඉවත් කරන ලෙසට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමත්‍යාංශය සඳහන් කළේ, පළාත් පාලන අමාත්‍යාංශයේ ඊයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමක දී අදාළ උපදෙස් ලබාදුන් බවයි.
සිදු වන අවහිරතා මගහරවා ගැනීම සඳහා අදාළ චක්‍රලේඛය අහෝසි කරන ලෙසට යි අග්‍රාමාත්‍යවරයා රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දී ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |