විවාහයෙන් පිට ලිංගික හැසිරීම් තහනම්.. අවිවාහකයන්ට තනි කාමර ලබා දීමත් තහනම් කරයි..
Indonesia
Marriage
By Aruna
විවාහයෙන් පිට ලිංගික හැසිරීම් තහනම් කිරීමට ඉන්දුනීසියානු පාර්ලිමේන්තුව ඊයේ(දෙසැ. 6) දිනයේ පියවර ගෙන තිබෙනවා.
එම නීතිය තව වසර තුනකින් බලාත්මක වනු ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
එය ඉන්දුනීසියානුවන්ට මෙන්ම එරට සංචාරකයන්ට ද අදාළ වන බව සඳහන් වේ.
ඒ අනුව, බාලි සංචාරය කරන අවිවාහකයන්ට තනි කාමර ලබා දීම, එක්ව ජීවත් වීම තහනම් කිරීමට ද නියමිතයි.
ඊට පටහැනිව ලිංගිකව එක් වන්නන්ට වසරක් දක්වා සිරදඬුවම් මෙන්ම විශාල දඩ මුදලක් ද නියම කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ සමග ම එරට ජනාධිපතිවරයා හෝ රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීම ද තහනම් කරවමින් නීති පනවා තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |