මාර්ක් සකර්බර්ගෙන් යළිත් දැඩි තීරණයක්..!

Facebook Meta
By Sewvandhi Apr 20, 2023 07:47 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ, ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය දරන මෙටා ප්ලැට්ෆෝම්ස් සමාගම නැවතත් සේවක කප්පාදුවක් සිදුකර ඇති බවයි.

මෙටා සමාගම පවසන්නේ සිය ව්‍යාපාරය තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් මෙටා ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් විසින් එම ක්‍රියාවලිය ආරම්භකර ඇති බවය.

අදාල ක්‍රියාවලියේ, අරමුණ 2023 කාර්යක්ෂමතා වසර බවට පත්කිරීම බව සඳහන් ය. නවතම සේවක කප්පාදුවෙන් එහි සේවය කරන තාක්ෂණික ඉංජිනේරුවන්ට සහ අනෙකුත් සේවකයින්ට බලපෑම් ඇතිවෙයි.

ඒ යටතේ සේවකයින් 10,000ක් පමණ ඉවත් කිරීමට නියමිතය. මෙම ක්‍රියාවලිය මාස කිහිපයක් පුරාවට සැලසුම් කර තිබේ. එම සමාගම මීට පෙරද සේවකයින් 11,000ක් පමණ ඉවත්කළේය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now