මාක් සකර්බර්ග්ගේ සහ පවුලේ අයගේ ආරක්‍ෂාව තර කරයි.

Facebook Meta
By Wayomi Feb 19, 2023 08:35 AM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග්ගේ සහ පවුලේ අයගේ ආරක්‍ෂාව සඳහා සමාගම වාර්ෂිකව ඔහු වෙත ගෙවන ආරක්ෂක දීමනාව ඇමරිකානු ඩොලර් මිලියන 14 ක් දක්වා වැඩි කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දීමනාවට අමතරව සකර්බර්ග්ට ආරක්‍ෂාව සැපයීම සඳහා සමාගම තවත් අති විශාල මුදලක් වැය කරන බවත් සඳහන්.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, සාමාන්‍යයෙන් ලෝකයේ ප්‍රධාන සමාගම් බොහොමයක ප්‍රධානීන් වෙනුවෙන් දරන ආරක්‍ෂක වියදම්වලට වඩා මෙය ඉතා විශාල වියදමක් බවයි.

කෙසේ වෙත්ත සකර්බර්ග්ගේ ආරක්‍ෂාව තව දුරටත් තර කිරීමට තීරණය කර ඇත්තේ, මෙටා ප්ලැට්ෆෝම්ස් ආයතනය විසින් සමාගමේ වියදම් අඩු කිරීමේ සහ ආයතනය ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලැස්මක කොටසක් ලෙස සමාගමේ සේවකයන් දහස් ගණනක් සේවයෙන් ඉවත් කළ පසුබිමකයි.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...       

JOIN NOW