ලබන 05 වැනිදා සිට රටටම සුබ ආරංචියක්..බැසිල් දැනුම් දෙයි..
එලැඹෙන පස්වැනිදා වන විට විදුලිය කප්පාදුව නතර කිරීමට හැකි වනු ඇති බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඊයේ දන්වා තිබෙනවා.
මාර්තු මාසය අවසන් වන විට ප්‍රවාහන අර්බුදය ද අවසන්වී යළි යථා තත්ත්වයට පත්වනු ඇතැයිද ඔහු විශ්වාසය පල කර ඇත.
දුම්රිය හා බස් රථ සඳහා ඉන්ධන ලබාදීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉවත් කර ප්‍රවාහන අමාත්‍යාංශයට භාරදීමේ යෝජනාවක්ද ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ.
මේ අතර ධීවරයන්ට භූමි තෙල් සහනාධාරය අඛණ්ඩව ලබා දීම හෝ දිරි දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන්ද ඇමැති මණ්ඩලයේදී සාකච්චා වී ඇත.
කෙසේවෙතත් අද (01) දිනයේ දී ත් දිවයින පුරා පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කරනවා.
ඒ අනුව අද දිනයේ දී ත් විදුලි කප්පාදුව සිදු වන්නේ පෙර සිදු කරන ලද ක්‍රමවේදයටම ඒ.බී.සී ආදී වශයෙන් කාණ්ඩ කිහිපයක් යටතේ යි.
A කලාපයට උදෑසන 8.30 සිට 11.30 දක්වාත්, B කලාපයට 11.30 සිට 14.30 දක්වාත් C කලාපයට 14.30 සිට 17.30 දක්වාත් විදුලි විසන්ධි වීම සිදුවනු ඇති.
එම ප්‍රදේශ සහ වෙලාවන් මෙතනින් දැනගන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |