නිවසට එද්දී දෑවැද්ද අතුරුදන්.

Sri Lanka Police Sri Lanka Gold
By Wayomi Nov 07, 2023 06:08 AM GMT
Report

ඊයේ (06) යාපනය, ඉනුවිල් ප්‍රදේශයේ විවාහ මංගල්‍යක දෑවැදි දීමට රැගෙන විත් නිවසේ තබා තිබූ රත්තරන් පවුම් 135 ක් සොරා ගෙන ඇති බව වාර්තා වෙනවා.

එම නිවෙසේ නිවෙස් හිමියා සිය ජංගම දුරකථනය ගැනීමට ගිය අවස්ථාවේදී නිවසේ දොරක් විවෘත කර ඇති අතර නිවස පරික්ෂා කිරීමේදී රන් පවුම් 135ක් සහ ජංගම දුරකථන 04 ක් ඇතුලු තවත් භාණ්ඩ පැහැර ගෙන ගොස් ඇති බව දැක තිබෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් කෝපයී පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරනවා.