දිස්ත්‍රික්ක රැසක් අවදානමක. - ජනතාවට අනතුරු ඇඟවීම්.

Accident Weather Irrigation Department
By Wayomi May 27, 2024 12:21 PM GMT
Report

පවතින වැසි තත්ත්වය හමුවේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. 

ඒ, අනුව දිස්ත්‍රික්ක 19 කට බලපා ඇති මෙම වැසි තත්ත්වය හමුවේ පුද්ගලයින් 43,792 දෙනෙකු පීඩාවට පත්වී ඇති අතර වැසි හමුවේ පහත්බිම් තවදුරටත් ජලයෙන් යට වී තිබෙනවා.

මේ අතර වැඩිම හානියක් සිදුවී ඇති පුත්තලම දිස්ත්‍රික්කයේ පහත්බිම්වල රැඳී සිටින ජනතාවට අවශ්‍ය සහන සැලසීමට නාවික හමුදාවත් එක්වී සිටිනවා.

කළු, ගිං, නිල්වලා යන ගංගා සහ අත්තනගලු ඔය මේ වනවිට ගංවතුර මට්ටමක් දක්වා ළගාවී ඇති අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රී, මාවුස්සාකැලේ සහ ඉහළ කොත්මලේ ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.

එමෙන්ම ගුරුගල් ඔය ජලාශය වාන් දැමීම ආරම්භ වී ඇති අතර කටුගස් හීන්න දිය ඇල්ල, සෙන් ක්ලෙයාර් සහ ඩෙවොන් දියඇලිවලින් ඇද හැලෙන ජල ධාරිතාවද ඉහළ ගොස් ඇත.

මැයි 28 කොළඹට එන අයට විශේෂ දැනුම්දීමක්. - කොළඹට එන ප්‍රධාන මාර්ගයක් වසා දැමේ.

මැයි 28 කොළඹට එන අයට විශේෂ දැනුම්දීමක්. - කොළඹට එන ප්‍රධාන මාර්ගයක් වසා දැමේ.


වැසි සමඟ ඇතිවූ සුළං තත්ත්වයකින් ගම්පොළ කුරුඳුවත්ත ගඟේ ඉහළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රාක්ෂාව ප්‍රදේශයේ නිවාස පෙළකට හානිවී තිබෙනවා.

ඒ අනුව නිවාසවල රැඳී සිටි පුද්ගලයින් 80 දෙනෙකු තාවකාලිකව ප්‍රදේශයේ පාසලකට යොමු කර ඇති අතර දිස්ත්‍රික්ක 7කට අදාළව නිකුත් කර ඇති නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත් වේ.

..............................................

May you Like