ස්විස් බැංකුව ඇතුළු ලොව පුර ප්‍රබල බැංකු රැසක් කඩා වැටෙයි.

By Wayomi දින 4 කට පෙර

කොටස් මිල පහත වැටීමෙන් ස්විට්සර්ලන්තයේ ක්‍රෙඩිට් ස්විස් බැංකුව දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා.

ඒ, අනුව ඔවුන් ස්විස් මහ බැංකුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 54ක ණය මුදලක් ලබාගැනීමට සූදානම් බවයි වාර්තා වන්නේ.

එහි අපේක්ෂාව වන්නේ, බැංකුවේ ද්‍රවශීලතාව සම්බන්ධයෙන් මතුවූ මතභේදකාරී තත්ත්වය සමනය කිරීමයි.

ක්‍රෙඩිට් ස්විස් බැංකුවේ මූල්‍ය වාර්තාවේ දෝෂ කිහිපයක් හඳුනාගැනීමෙන් පසුව එහි කොටස් මිල පහළ වැටී ඇති අතර එම බැංකුවට ස්විට්සර්ලන්ත මහ බැංකුවේ සහාය ලැබෙන බව නිවේදනය කිරීමත් සමගම බැංකුවේ කොටස් මිල 24%කින් වර්ධනය වී තිබෙනවා.

කෙසේ වෙතත් අමෙරිකාවේ "සිලිකන් වැලී බැංකුව" සහ තවත් බැංකු කිහිපයක් හදිසියේ කඩාවැටීම හේතුවෙන් අමෙරිකානු මූල්‍ය පද්ධතිය දැඩි සංකූලතාවකට ලක්වුණා.

එහි බලපෑමෙන් ලොව පුරා බැංකුවල කොටස් මිල පහළ ගිය අතර, ඉන් වැඩිම පීඩනය එල්ල වූයේ යුරෝපීය බැංකුවලටයි.

එමෙන්ම මෙම බැංකු අර්බුදයේ බලපෑමෙන් ජපානයේ, හොංකොං සහ ඔස්ට්‍රේලියාවේ බැංකු කිහිපයක ද කොටස් සියයට 1කින් පහළ ගොස් තිබෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්