ලංකාවේ ඉඳලා ඉන්දියාවට පිහිනමින් සිටි අයෙක්ට අතරමග දී වුණ නොහිතපු අකරතැබ්බ..

Sri Lanka India Accident Death
By krishani Apr 23, 2024 02:35 PM GMT
Report

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි වෙත පිහිනමින් සිටි පුද්ගලයෙකු මියගොස් ඇත.

ලංකාවේ ඉඳලා ඉන්දියාවට පිහිනමින් සිටි අයෙක්ට අතරමග දී වුණ නොහිතපු අකරතැබ්බ.. | Man Who Was Swimming From Sri Lanka To India Died

ඒ 78 හැවිරිදි වියේ පසු වූ ගෝපාල් රාඕ නැමති ඉන්දීය ජාතිකයෙක් ය.

අද (23) අලුයම 31 දෙනෙකුගෙන් සමන්විත පිහිණුම් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව වෙත සහාය පිහිණුම් ඉසව්වක් සංවිධානය කර තිබෙනවා. 

තරගය අතරතුර ගෝපාල් රාඕ සංවිධායකයින් වෙත දැනුම් දී ඇත්තේ තමන්ට ශ්වසන අපහසුතාවයක් ඇති බව ය.

එහිදී අදාළ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහු අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව සඳහන් විය.

දැවැන්ත පාලමක් එකපාරටම කඩා වැටෙයි - වීඩියෝ දර්ශන සහිතයි.. (VIDEO)

දැවැන්ත පාලමක් එකපාරටම කඩා වැටෙයි - වීඩියෝ දර්ශන සහිතයි.. (VIDEO)


මෙම සිදුවීමත් සමග සංවිධායකයින් විසින් එම පිහිනීමේ ඉසව්ව අවලංගු කර නැවත ඉන්දීයාව වෙත ගොස් ඇත.

කෙසේ වෙතත්, මෙලෙස මියගොස් ඇති ගෝපාල් රාඕ නැමති පුද්ගලයා පළපුරුදු පිහිනුම් ක්‍රීඩකයෙකු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.